74 වන නිදහස් දින සැමරුම පෘතුගීසින් ලන්දේසීන් ඉංග්‍රීසීන් සමඟ හටන් කර මුවහත් කළ සිහල කඩුව බෝපත් මැද ලෙළ දෙන අපූරුව...
Posts
- Get link
- X
- Other Apps
දේශීය කෘෂිකර්මාන්තය හමුවේ ඇති වත්මන් අභියෝග යටත්විජිතවාදයේම පුතිඵලයක්ද? එදා රජ දවස පෙරදිග ධාන්‍යාගාරය යන නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත රටක්ව පැවති බවට ඔප්පු කිරිමට අන් සාක්ෂි කුමටද ??මහා දුර්භික්ෂයන්හි පවා හිඟ නොවූ අතිරික්ත සහල් අටුකොටු ගබඩා පැවතුණු ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයකට උරුමකම් කියූ ලංකාව අද වන විට විශාල පිරිවැයක් දරමින් විදේශීය රටවල් වලින් යැපෙන පරපෝෂිත රටක් බවට පත්වී හමාරය. වර්තමාන කෘෂිකර්මාන්තයේ සෝචනීය ඉරණම පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථමව ශ්‍රී ලංකාවේ ඓතිහාසික කෘෂිකාර්මික පසුබිම පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත් වේ යැයි මා අදහස් කරමි . ලාංකීය කෘෂිකකර්මාන්තය පිළිබඳව නිශ්චිත කාලවකවානුවක් නිර්ණය කල නොහැකි වුවද බොහෝවිට අප දන්නා පරිදි ක්‍රි . පූ 06 වන සියවසේදී විජයාවතරණය සමග සංක්‍රමණය වූ ඉන්දීය පිරිස් පැමිණීමෙන් පසුව කෘෂිකර්මාන්ත ය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කෙරූ බව සදහන්ය. නමුත් විජයගේ සංක්‍රමණය වන විටත් ලංකාවේ හේන් ගොවිතැන් පැවතුණු බවට ...
- Get link
- X
- Other Apps
ලෝකයේ සංචාරය කිරීමට හොදම දූපතක් වූ මාලදිවයින ....👍👍👍 මාලදිවයින යනු නිමක් නැති හිම සුදු වෙරළ , සුන්දර පිරිසිදු ජලය සහ දියුණු සංචාරක යටිතල පහසුකම් සහිත පාරාදීසමය දූපතකි.. සාන්ද්රණය කි. සමහර සංචාරකයන් පවා මේ රටේ වෙනත් සිත්ගන්නා ස්ථාන, ඓතිහාසික හා වාස්තුවිද්යාත්මක ස්මාරක තිබෙන බව වටහා නොගනිති. ඔබ මාලදිවයි වෙත පියාසර කිරීමට පෙර, ඔබේ සංචාරය ගැන කලින් දැනගත යුතුය, ඔබේ සංචාරය වඩාත් උද්දීපනය කිරීම සඳහා.ශීු ලංකාවේ සංචාරක ආකර්ෂණයට බෙහෙවින් සමීප වූ මාලදිවයින සමුදුරු වලින් වටවූ සුන්දර දූපතකි .මේ නිසාම බොහෝ සංචාරකයින් මෙම දූපත බලා සංචාරයෙහි යෙදේ.. මාලදිවයිනේ සංචාරය කිරීම සඳහා නීති රීති ලෝකයේ දිවයිනේ ඕනෑම රටක මෙන් මේ දිවයින තුල සිටීම, ඇතැම් අවශ්යතාවයන්ට අනුකූල වීම අවශ්ය වේ. මාලදිවයිනේ අගනගරය, මාලි නුවර නගරයේ දර්ශනීය ඇඳුම් ඇඳිය යුතුය. වෙරළ වස්ත්ර, විශේෂයෙන්ම එළිමහන් පිහිනුම් ඇඳුම්, විශේෂ බයිකිනි-වෙරළ මත පමණක් පැළඳිය හැකිය. නිවාඩු නිකේතනයෙන් පිටත මත්පැන් පානය කිරීම තහනම් කර ඇත. ඊට අමතරව, මෙහිදී එය බෙහෙවින් අපහසු විය හැකිය: සාගර හා භූමි සතුන්ට හානි කිරීම; ඔවුන් හෝ මිය ගිය හෝ ජීවත්වන කොර...
- Get link
- X
- Other Apps
ගොටුකොළ වල විශ්මිත ගුණ ... Centella asiatica යන උද්භිද විද්‍යාත්මක නමින් හදුන්වනු ලබන ගොටුකොළ ශාකය තෙතමනය සහිත ස්ථාන වල බහුලව දැකිය හැකි භූගත කදක් සහිත පැලෑටියකි.මැඩගස්කරය,ශ්‍රී ලංකාව,ඉන්දුනීසියාව හා දකුණු අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල දැකිය හැක. ශ්‍රී ලංකාවේ ඉතාමත් සරුවට වැවෙනු ඇත. ගොටුකොළ ග්‍රෑම් 100ක් තුළ අඩංගු පෝෂණ ගුණය මෙන්න. ශක්තිය කිලෝ කැලරි 3.7 ප්‍රෝටීන් ග්‍රෑම් 2.1 මේදය ග්‍රෑම් 0.5 පිෂ්ඨය ග්‍රෑම් 6.0 කැල්සියම් මිලිග්‍රෑම් 224 පොස්පරස් මිලිග්‍රෑම් 32 යකඩ මිලිග්‍රෑම් 68.8 විටමින් C මිලිග්‍රෑම් 6.8 ගොටුකොල ආහාරයට එක් කර ගැනීමෙන් • තරුණ බව රැක දෙයි. • කටහඩ මිහිරි කරයි. • සමේ කොලජන වර්ධනය හොදින් සිදු කරයි. • සම පැහැපත් කරයි. • හිස කෙස් නිරෝගී කරයි. • ඇසේ පෙනීම වර්ධනය කරයි. • ගොටුකොල ආහාරයට ගැනීම මොලය වර්ධනයට හේතු වේ. • ගැස්ට්‍රයිටිස් සුව කිරීමේ හැකියාව සහිතය. • අක්මාව ආරක්ෂා කරයි. • පිළිකා මර්දධනය කරයි. • ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත. • හදවත රැකදෙයි. • ප්‍රතිදාහ ගුණ සහිතය. • ප්‍රතිශක්තිය ඉහල නංවයි. • LDL කොලස්ටරෝල්,Triglyceride අඩු කරයි. • තුවාල සුව වීම වේගවත් කරයි. • දියවැඩියා ...
- Get link
- X
- Other Apps
පුප පුවත්පත් කාටූන් කලාව වර්ථමානය තුළ කර්තෘ වාක්‍ය තරමටම වැදගත් අංගයක් බවට පත් වී තිබෙන කාටූන් අකුරු කියවිය හැකි කියවිය නොහැකි සෑම දෙනාගේම දැනුම පුලුල් කරන මාධ්‍යයක් බවට පත්ව ඇත. කාටූන් ,චිත‍්‍ර කලාවෙන් පෝෂණය වී බිහි වූවක් වුවද අද එය ජීවත් වන්නේ පුවත්පත් කලාවේය. කාටූන් වර්ග කිහිපයක් යටතේ කාටූන් ශිල්පියෝ තම නිර්මාණය කරනු ලබයි. එනම්, දේශපාලන කාටූන් පොකට් කාටූන් කාටූන් චිත‍්‍ර කතා , යනාදියයි. කාටූන් පිළිබදව දැක්වීමේදී විශේෂ ලක්‍ෂණ රාශියක්ද පවතී කාලීන ගැටළු නිරූපනය කරයි. උපහාසාත්මක බව. කාලත‍්‍රයේම කියවිය හැකිය. නෛතික රාමු නැත . විශාල පරාසයක් රූප සටහනකින් ඉදිරිපත් කරයි. සමාජය පුළුල්ව විශ්ලේෂණය කරයි.... යනාදී ලක්‍ෂණ දැක ගත හැකිය. කාලීන ගැටළු නිරූපනය කරයි උපහාසාත්මක බව. ශෂිණි සුදේශිකා අත්තනායක.
- Get link
- X
- Other Apps
සයිබර් අපරාධ හා කාන්තාව..... සයිබර් අපරාධ යනු වර්තමානයේ ලෝකය පුරා කාන්තාවන් සහ ගැහැනු ළමයි මුහුණපාන සුලබ සහ අති බිහිසුණු අපරාධය බවට පත්ව ඇත. සයිබර් අපරාධවලින් දැඩි සේ වින්දිත භාවයට හෝ අපයෝජනයට ලක් වන්නේ කාන්තාවන් සහ ගැහැනු ළමයි බව සමාජ විද්‍යාඥයන්ගේ අදහසයි. මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ විට කාන්තාවන් සමාජ සම්බන්ධතා ජාල මඟින් සිය පවුලේ සමීපතමයන් සහ මිතුරු මිතුරියන් සමඟ විවිධාකාරයේ සම්බන්ධතා පැවැත්වීමට දැඩි නැඹුරුවක් සහ රුචියක් දක්වන බැවින් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරක් බවට පත් වන බවයි. විශේෂයෙන් කාන්තාවන් සිය ඡායාරූප සහ අතිෂය පෞද්ගලික තොරතුරු පවා සමාජජාලාවල හුවමාරු කරගැනීම, තෑගි බෝග යැවීම ඇතුළු නිරන්තරයෙන් සිදු කරන ක්‍රියාකාරකම් සයිබර් අපරාධවලට ගොදුරු වීමට පහසු අවස්ථාවක් නිර්මාණය වන බව සමාජ විද්‍යාඥයන්ගේ විසින් හඳුනාගෙන ඇත. මේ තත්ත්වය තුළ සයිබර් අපරාධකරුවෝ වඩාත් සක්‍රීය භාවයට පත් වන අතර විශේෂයෙන් කාන්තාවන් සයිබර් අවකාශයේ වඩාත් නිරාවරණය වූ කොටස බවට පත් වෙති. උදාහරණයක් ලෙස බොහෝ කාන්තාවන් සමාජ මාධ්‍ය ජාල මඟින් හඳුනා ගන්නා පුද්ගලයන් සමඟ ප්‍රේම සම්බන්ධතා ආරම්භ කර ගැනීම හෝ තම...