Posts

Showing posts from April, 2021
Image
සයිබර් අපරාධ හා   කාන්තාව..... සයිබර් අපරාධ යනු වර්තමානයේ ලෝකය පුරා කාන්තාවන් සහ ගැහැනු ළමයි මුහුණපාන සුලබ සහ අති බිහිසුණු අපරාධය බවට පත්ව ඇත. සයිබර් අපරාධවලින් දැඩි සේ වින්දිත භාවයට හෝ අපයෝජනයට ලක් වන්නේ කාන්තාවන් සහ ගැහැනු ළමයි බව සමාජ විද්‍යාඥයන්ගේ අදහසයි. මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ විට කාන්තාවන් සමාජ සම්බන්ධතා ජාල මඟින් සිය පවුලේ සමීපතමයන් සහ මිතුරු මිතුරියන් සමඟ විවිධාකාරයේ සම්බන්ධතා පැවැත්වීමට දැඩි නැඹුරුවක් සහ රුචියක් දක්වන බැවින් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරක් බවට පත් වන බවයි. විශේෂයෙන් කාන්තාවන් සිය ඡායාරූප සහ අතිෂය පෞද්ගලික තොරතුරු පවා සමාජජාලාවල හුවමාරු කරගැනීම, තෑගි බෝග යැවීම ඇතුළු නිරන්තරයෙන් සිදු කරන ක්‍රියාකාරකම් සයිබර් අපරාධවලට ගොදුරු වීමට පහසු අවස්ථාවක් නිර්මාණය වන බව සමාජ විද්‍යාඥයන්ගේ විසින් හඳුනාගෙන ඇත. මේ තත්ත්වය තුළ සයිබර් අපරාධකරුවෝ වඩාත් සක්‍රීය භාවයට පත් වන අතර විශේෂයෙන් කාන්තාවන් සයිබර් අවකාශයේ වඩාත් නිරාවරණය වූ කොටස බවට පත් වෙති. උදාහරණයක් ලෙස බොහෝ කාන්තාවන් සමාජ මාධ්‍ය ජාල මඟින් හඳුනා ගන්නා පුද්ගලයන් සමඟ ප්‍රේම සම්බන්ධතා ආරම්භ කර ගැනීම හෝ තම...