Posts

Showing posts from March, 2021
Image
දිනෙන් දින අභාවයට යන ලංකාවේ පරිසර පද්ධතිය දෙව් ලොවද මවු බිමට දෙවැනි කොට සිතන්නමු දෙව් ලොවේ නැති අසිරි මවු බිමේ දකින්නමු පරිසරය රකින්නෙමු වඩන්නෙමු වවන්නමු මේ පිළිනයෙන් සදා මවු බිමට බැඳෙන්නමු වලා සිඹැ ගලා යන නදී දිය නිරතුරු ය වන උයන් මල් උයන් පල උයන් විසිතුරු ය සිසිලසින් පණ පොවන මද පවන පිවිතුරු ය පරිසරය රැකෙන තුරු සොබාදම සුමිතුරු ය තණ්හාව ආශාව ඇයි ද පොදි බඳින්නේ රටේ වන සම්පතට ඇයි පොරව නගන්නේ සොබා දම කිපුණු දා සත් වග මැ නසින්නේ පරිසරය රකින්නේ මුළු රට මැ රකින්නේ මෙ මිහි මතැ වසන සත සිතෙහි මෙත වැඩේ වා ගහ කොළට පවා එම මෙත් සිසිල දැනේ වා බව භෝග සම්පතින් සතට සෙත සැදේ වා අපේ හුස්මෙන් පවා පරිසරය නිවේවා පරිසර ගීතය සිතන්නට යමක්......... දෙව් ලොවද මවුබිමට දෙවැනි කොට සිතිය හැකිද දෙව්ලොව නැති අසිරි මව්බිමේ දැකිය හැකිද  පරිසර ගීතයේ සඳහන් පරිදි  ශ්‍රී ලංකාදීපය දෙව්ලොවටත් දෙවැනි නොවූයේ මෙහි පවත්නා සොබාව සෞන්දර්ය නිසා බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. නමුත් අද වන විට දිනෙන් දින මේ ස්වභාව ධර්මය අපගෙන් ඈතට යනු දැකිය හැකිය.  ශ්‍රී ලංකාවට සෑම වසරක් පාසාම එල්ල වන ජීවිත තර්ජන බොහෝමයකට හේතු සාධක වී ඇත්...