Posts

Showing posts from January, 2021
Image
  බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ උතුම් දුරුතු පොහෝ දිනය..... ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි. බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.දුරුතු මාසය එළැඹෙන්නේ බැතිබර හැඟුම් වඩ වඩාත් බෞද්ධ ජනී ජනයාගේ සිත් සතන් තුළ පහළ කැරවමිනි. සිරිපා සමය ඇරැඹුණේ පසුගිය උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේ ය. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයෙහි අප රටේ වාසය කළේ යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් ය. ඌව පළාතේ පිහිටි මහියංගණය අවට යක්ෂ ගෝත්‍රිකයන්ද, කැලණි ගඟ ආශි‍්‍රතව නාග ගෝත්‍රිකයන්ද, කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රිකයන්ද විසූ බව ඉතිහාස ග...
Image
    මා හැදූ ගුරු මව්පියන්‍ හට උපහාරයක්ම වේවා !!!                                         කර්කශ මහා පොළොවේ  ඔබ වපුල බීජ ඇට...  නිරුදක කතරෙහි ඇවිද ගිය අප සැමට...           ගිමන  හා පවස නිවීමට            මහා වෘක්ෂයක් විය...           අප සැමගේ පිපාසය  අප සැමගේ විඩා බව නිවා සැනසූ ....           විමුක්තියේ පහන් ටැඹ            ඔබයි ගුරු මෑණියනි          ඔබයි  ගුරු පියාණෙනි.                                                                             ...
Image
  ඔබත් නිතර කියවන්නෙක් ද??? අනවශ්‍ය තැන් වලදී පවා නිතර නිතර කියවීම් සමාජය බොහෝ පුද්ගලයින්ගේ වැඩි වශයෙන් දක්නට ලැබෙන දුර්වලතාවයකි. ඒ  පිළිබඳව මම ඔබට මෙලෙස  කතා කිරීමේදී  අපිට අමතක කල නොහැකිම උදාහරණයක් ඇත.   '' මහනෙල් සුවඳමය    කුඩමසු පිළී ගඳමය   දෙකට එක දියමය  හොඳට නරකට දෙකට කටමය '' පිළී  ගඳ හමන කුඩ මසු ඉපදෙන- වැඩෙන ජලයේම සුවද සුන්දර මහනෙල් මල්ද පිපෙයි. එකම ජලයේ ගඳ-සුවඳ දෙකම හටගත්තේ නමුත්, ජලයෙහි ගඳක් නැත සුවඳක්ද නැත. ඔබ බුද්ධිමත් නම් ඔබ වටා උගත් නූගත් කවුරුන් සිටියත් ඔබගේ චරිතයට ඒ බාහිර සාධක බලපෑමක් කර ගර ගත යුතු නැත. ඔබේ චරිතයේ බරින් වැඩි ප්‍රමාණයක් දරා සිටින්නේ ඔබේ කතාවය. ඔබේ කතාව තුල ඔබ  ජීවත් වෙයි. ඔබේ කතාවෙන්ම ඔබේ විනාශයද උදාවෙයි. එබැවින් ඔබ කතා කළ යුත්තේ ඒ කතාව එතැනට අනිවාර්යයෙන්ම අදාළ නම් පමණි. උගත්  මිනිසුන් ඉදිරියේ උගත් බව  පෙන්වීමට කතා කිරීම හෝ නූගත් මිනිසුන් ඉදිරියේ  මුඛරි බව පෙන්වීමට කතා  කිරීම ජීවිතය උගත් ඔබට තරම් නොවේ. කතා කරන්නට පෙර කතා කිරීම යෝග්‍ය ද යන්න කල්පනා කරන්නට ඔබ අපහසුවෙන්...
Image
    ඔබේ   හදවත සනසන ප්‍රේමයම විටෙක   ඔබේ   හදවත නවතයිද ?? පෙම් කවක් ලියූ ඔබ සිත් අහසෙ.... එය මකා දමා ගිය හැටි රහසේ.... ඔබ මෙතෙක් රැදී උනි මා මනසේ.... පෙම් පුරාවතක්, නිමා කරන්නද, මා කෙලෙසේ....... ඔබ යන්නම යන්නම යනවා නම්... මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්... // යලි එන්නට එන්නට සිතුනෙ නම්.... යලි එන්න එපා මගෙ සිත තහනම්...... හුරතලෙන් දැවටිලා මගෙ ලහින්... දුන් සතුට එපමනද මට පවසන්....// සද එලිය පොලවටයි හිමි වූයේ... සද අහසේ රැදුනාද රත්තරනේ..... කවිය වනාහි රස හැඟුමන් ආකරයකි. මම අද ඔබට කියන්‌නේ  අපගේ ගීත පිළිබිඹුවේ සැබෑ සාහිත්‍ය  රසවින්දනාත්මක නිර්මාණයක් වූ මා හදේ ලැගුම්ගත්  අපුර්ව ගීතයක් පිළිබඳවයි. ඒ කරුණාරත්න දිවුලගනගේ අපූරු හඬින් වැයෙන සුරම්‍ය මාපිටිය මහතාගේ අපූරු  පරිකල්පන ශක්තියෙන්  රචනා වූ  පෙම් කවක් ලියූ නුඹ   සිත් අහසේ යන ගීතය පිළිබඳව විචාරයක් එක්  කිරීමටයි.   ගීතය වනාහි අපූරු ගී පද වැල් වලින් සමන්විත ගැඹුරු අර්ථයකින් හෙබි ලයාන්විතව අප හදවත් නිවා සනහාලන  හැඟුමන් සමුදායක කැටි වීමකි. ප්‍රේමය  ගීතයකට සමාන කළ ...