Posts

Showing posts from December, 2020

සීගිරිය

Image
  බලකොටුවක් ආලකමන්දාවක් සහ නාගරික සංකීර්ණයක් වූ සීගිරිය Jump to navigation Jump to search ශ්‍රී ලංකාවේ පැවති ඉතාමත් වැදගත් රාජධානියක් වන සීගිරිය සතුරන්ගෙන් ආරක්ෂාවීමට තැනූ බලකොටුවක්,කුවේරයා මෙන් විසිමට තැනු දෙවන ආලකමන්දාවක් ලෙසද නාගරික සංකීර්ණයක් ලෙසද විචාරයන්ට බදුන් වී ඇත.  ධාතුසේනව මරුමුවට පත් කළ කාශ්‍යප ඉන්දියාවට පැනගිය තම සහෝදර මුගලන් තමාට විරුද්ධව සටනට ඒ යැයි බියෙන් සීගිරිය නම් ශේෂ කන්ද තම රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස තෝරාගත් බව සදහන්වේ. එනම් ඒ අදිමිතු රජු මිනිසුන්ට පහසුවෙන් තරණය කළ නොහැකි වූ සිංහගිරිය තම වාසභවනය කරගනු ලැබීය යනුවෙන් සදහන්ව තිබී‍මෙන් පැහැදිලිය. සිංහගිරිය පසු කාලීනව සීගිරිය බවට පරිවර්තනය වී ඇත.සීගිරි ගල්පර්වතය නැගෙනහිර දෙසින් සිංහයකුගේ පූර්ව ස්වරූපයෙන් යුතු අතර සීගිරියේ ඉහළ මාළයට පිවිසීමට ඇත්තේ සිංහ කටකිනි.එමෙන්ම සිංහ ස්වරූපයෙන් කළ ආරක්ෂක කුටිද හමුව තිබේ.ඒ අනුව සීගිරිය හැදින්වීමට සිංහගිරිය යන නම් භාවිතා කළ බව පැහැදිළිය. කාශ්‍යප රජු සිගිරි රාජධානිය ගොඩනගා ගැනීමේදී එම ප්‍රදේශයේ සිටි භික්ෂූන්ට පිදුරන්ගල විහාරය පූජා කර සීගිරිය තම රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස යොදා ගත්බව සද...