බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ උතුම් දුරුතු පොහෝ දිනය..... ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි. බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.දුරුතු මාසය එළැඹෙන්නේ බැතිබර හැඟුම් වඩ වඩාත් බෞද්ධ ජනී ජනයාගේ සිත් සතන් තුළ පහළ කැරවමිනි. සිරිපා සමය ඇරැඹුණේ පසුගිය උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේ ය. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයෙහි අප රටේ වාසය කළේ යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් ය. ඌව පළාතේ පිහිටි මහියංගණය අවට යක්ෂ ගෝත්‍රිකයන්ද, කැලණි ගඟ ආශි‍්‍රතව නාග ගෝත්‍රිකයන්ද, කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රිකයන්ද විසූ බව ඉතිහාස ග...
Comments
Post a Comment