දේශීය කෘෂිකර්මාන්තය හමුවේ ඇති වත්මන් අභියෝග යටත්විජිතවාදයේම පුතිඵලයක්ද?

 




 එදා රජ දවස පෙරදිග ධාන්‍යාගාරය යන නමින්  විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත  රටක්ව පැවති බවට ඔප්පු  කිරිමට අන් සාක්ෂි  කුමටද ??මහා දුර්භික්ෂයන්හි  පවා  හිඟ  නොවූ අතිරික්ත සහල් අටුකොටු ගබඩා පැවතුණු  ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයකට උරුමකම් කියූ ලංකාව අද වන විට විශාල පිරිවැයක් දරමින් විදේශීය රටවල් වලින් යැපෙන පරපෝෂිත රටක් බවට පත්වී හමාරය.වර්තමාන කෘෂිකර්මාන්තයේ  සෝචනීය ඉරණම පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථමව ශ්‍රී ලංකාවේ ඓතිහාසික කෘෂිකාර්මික පසුබිම පිළිබඳව  සාකච්ඡා  කිරීම ඉතාමත් වැදගත් වේ යැයි මා අදහස් කරමි .

ලාංකීය කෘෂිකකර්මාන්තය පිළිබඳව නිශ්චිත කාලවකවානුවක් නිර්ණය කල නොහැකි වුවද බොහෝවිට අප දන්නා පරිදි ක්‍රි.පූ 06 වන සියවසේදී විජයාවතරණය සමග සංක්‍රමණය වූ ඉන්දීය පිරිස් පැමිණීමෙන් පසුව  කෘෂිකර්මාන්තය ශ්‍රී‍ ලංකාව තුළ ව්‍යාප්ත කෙරූ බව සදහන්ය. නමුත් විජයගේ සංක්‍රමණය වන විටත් ලංකාවේ හේන් ගොවිතැන් පැවතුණු බවට නිදර්ශකයක් ලෙසට කුවේණිය කපු කටිමින් සිටි අවස්ථාව සඳහන් කළ හැකියි. එමගින් නිර්ණය කළ හැක්කේ ශ්‍රී ලාංකිකයින් අතීතයේ සිටම කෘෂිකාර්මික සම්භවයකින් පැවතුණු ජාතියක් වන බවය.  කෘෂිකර්මාන්තය තුළ එකල  මිනිසා තම පරිභෝජනය සඳහා වගාකරන යැපුම් කෘෂි  ආර්ථික රටාවක් පවත්වා ගෙන ගොස් ඇත.කෘෂි ජීවන රටාව තුළ මිනිසා ‍ ප්‍රධාන බෝග ලෙස  වී වගා කළ අතර තල,මෙනේරි, කුරක්කන්,බඩඉරිඟු,සෝගම්....  ආදී දේශීය කෙටිකාලීන  බෝගයන් බොහෝ විට වගා කර ඇත.අහස් දිය ප්‍රමුඛ වශයෙන් යොදා  ගනිමින් යල- මහ කන්න දෙකම අස්වැද්දීමේ දී  වාරි ජල සම්පත උපයෝගී කොට ගත්හ." වැවයි දාගැබයි ගමයි පන්සලයි" යන සංකල්ප හතරෙන් පෝෂණය වූ මිනිසාගෙන් ජීවන රටාව තුළ කෘෂිකර්මාන්තයද පරිසර  පද්ධතීන් සුරැකෙන ලෙස  පවත්වා ගෙන ගොස් ඇත.

අහස් දියද නිශ්චිත කාලයට  වගාවන්  සඳහා ලැබුණු  අතර වගා බිම් වලට අවශ්‍ය පෝෂක කොටස් සපයන ලද්දේ ශාක වලින් ලැබෙන මල්,ඵල,පත්‍ර කොටස් දිරාපත් වීමෙන් හෝ පරිසරයේ ජීවත් වන ස්වභාවික ගැඩවිල්ලන්, ගොලුබෙල්ලන්... වැනි සතුන් හා පක්ෂීන් මෙන්ම වන සතුන්ගේ මල මුත්‍රා කොටස් කදිම පෝෂක පදාර්ථයන් ලෙස වගාබිම්වලට  ස්වභාවිකවම ලබා දී ඇත. පසේ සාරවත් බව කොතෙක්ද කිවහොත් ඉවත දමනා දණ්ඩක් වුවද පැළවෙන රටක් වන බව විදේශිකයන්ගේ පවා නොමද පැසසුම් ලබා ඇත.  ඈත අතීතයේ වී වගා කරන ගොවියාට අද මෙන් කුඹුරු සඳහා  රසායනික පෝෂක වර්ග සැපයීමට අවශ්‍ය වූයේ නැත. කුඹුරු සඳහා අවශ්‍ය  පොහොර එකල කුඹුරු ආශිුතව විශාල මීක් ගස් පැවතුණනු අතර එම මීක් මල්,ඵල කෑමට එන වවුලන් ආදී පක්ෂීන්ගේ පැහැරීම  මගින් වී වගාවන් පෝෂණය වූ බව බවට සාක්ෂි ඇත.එම  නිසාම මී ගස්  කපන්නකුට අතීතයේ දී රජු විසින් මරණ දණ්ඩනය පවා නියම කොට ඇති බව පැරණි මූලාශ්‍රයන්හි සඳහන්ව ඇත. පළිබෝධකයන් ගෙන් වගා බිම් ආරක්ෂා කර ගැනීම සඳහා අලු ඉසීම, දිය හොල්මන,කොහොඹ කොළ යුෂ ඉසීම, ටකය, පඹයන් වැනි...ස්භාවික හිතකර පලිබෝධ පාලනය රටා ගොවීන් සතු විය.පාරම්පරික කෘෂිකර්මාන්තදෙසට අවධානය යොමු කිරීමේදී ඔවුන් සතුව පැවැති දේශීය  බීජ ගබඩාවන්  අමතක කළ නොහැකිය.ගන්නෝරුව කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය සතුව අදටත් දේශීය වී වර්ග 3000 කට අධික සංඛ්‍යාවක් පැවතීම එයට කදිම සාක්ෂි දරයි. කන්නයක් වගා කොට ලබාගන්නා අස්වැන්නේ  ගුණාත්මකව බවින් ඉහළම  කොටස බිත්තර වී ලෙස ගබඩා කොට භාවිත කර ඔවුන් ඉහළ අස්වනු කර ගොස් ඇත. ස්වභාවධර්මයේ නියමයන්ට අනුව නිසි පරිදි පරිසරයට බරක් හෝ ප්‍රතිරෝධයක් ඇති නොවන පරිදි වගා කටයුතු සිදු කර ගෙන ගොස් ඇත. එය බොහෝ විට ස්වභාව දහමට   අවනත වූ කෘෂිකාර්මික රටාවකි. ජලය, සරුපස, පෝෂක,හිරු එළිය,වාතය ආදී  කෘෂිකර්මාන්තයට අවශ්‍ය සියලූ සම්පත් ස්වභාවධර්මයෙන්ම ලබා දීම මත සකස් වූ ගොවියාගේ අස්වනු වල ඵලදාව ඉතා ඉහළ ගුණාත්මක බවින් යුත් විභව අස්වැන්නක් කරා ගොස් ඇත.එකී හේතුව නිසාම ශ්‍රී ලංකාවට "පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය" යන අන්වර්ථ නාමය ලැබෙන්නට ඇත. මෙරට සතුව සහල් අතිරික්ත කොතරම් පැවැතියද යන්න පැවසීමේදී බැමිණිටිසාය නැමැති මහා දුර්භීක්ෂ සමයේදී මහාවිහාරයේ භික්ෂූන් වහන්සේලා12000 කට ආසන්න ප්‍රමාණයකට සහල් ගබඩා හොට තැබුණු බව ඓතිහාසික මූලාශ්‍රයන්හි සදහන්ව ඇත.

 මෙවැනි තිරසාර කෘෂි ආර්ථිකයකට හිමිකම් කියූ ලාංකීය ගොවියා අද වන විට මාවත් වීදි  සිසාරා පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය, අස්වනු නෙලන නවීන යන්ත්‍රෝපකරණ ඉල්ලමින් හඬා වැටෙති.ශේෂ්ඨ කෘෂිකාර්මික සම්භවයකින් පැවත එන ජාතියක් ලෙස අප ඒ පිළිබඳව තවදුරටත් සිතා බැලිය යුතු  යුතු කාලයකි මේ එළඹ ඇත්තේ. දේශීය ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සපුරාලීම සඳහා 40% කට ආසන්න ප්‍රමාණයක් සහල් විදේශ රටවලින් ආනයනය කිරීමට සිදුව ඇත. වර්තමානය වන විට අනුරාධපුර,පොළොන්නරු, අම්පාර වැනි ප්‍රධාන කෘෂි කලාපවල ජීවත්වන ගොවියන් බහුල  වශයෙන් වකුගඩු රෝගයෙන් හා පිළිකා රෝගයෙන් මිය යන තර්ජනයට මුහුණ පා ඇත. ග්‍රාමීය ප්‍රදේශයන්හි 70%ක් පමණ ජනතාවගේම ජීවනෝපාය කෘෂිකර්මාන්තය වුවද ඔවුනට වගා කිරීමට ප්‍රමාණවත් ඉඩකඩක්  නොමැති වීම හේතුවෙන් බොහෝ ජනතාව අතර ඉඩම් ආරවුල් ඇති ව ඇත.  ග්‍රාමීයව ජීවත්   වන බොහොමයක් තරුණ පරජාව විරැකියාවෙන් පෙළීම් බහුල වශයෙන් දක්නට ලැබෙන සංවර්ධන අභියෝගයකි. එමෙන්ම ශ්‍රී ලාංකීය ගොවියා හමුවේ ඇති අති විශාලම අභියෝගයක් වන්නේ වගාවන් සඳහා යෙදීමට සිදුවන  කෘෂි රසායනික ද්‍රව්‍යයන් සදහා වන පිරිවැය අස්වැන්නෙන් ලැබෙන ආදායමට වඩා අඩු අගයක් ගැනීමයි. එදා මෙන් නොව අද වන විට ගොවියාට  වගා කිරීමට  අවශ්‍ය බිත්තර බීජ සදහා  විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇත. කෘෂි  ෂේත්‍රය ආශ්‍රිතව ඇති මෙම සංවර්ධන පැන නැගීමට මූලික වූ වස්තුබීජය සොයාගෙන යාමේදී පැහැදිලි වන්නේ ච මෙම අභියෝගයන් දශක ගණනාවක් මුළුල්ලේ අප මුහුණදුන් යටත්විජිතවාදයේ අඳුරු සෙවණැලි ලෙසින් පැමිණෙන්නා වූ අහිතකර ප්‍රතිඵලය. 1505 සිට 1948 දක්වාම ලංකාව පෘතුගීසි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන ජාතීන් වර්ග සතුව පැවැති යටත් විජිතයකි. ඔවුන් අප සතුව පැවති වටිනා රන් රිදී මුතු මැණික් ලබාගත්තා පමණක් නොව එතෙක් පැවතුණු පරිසර හිතකාමි කෘෂිකර්මාන්තයද  අපගෙන් උදුරා ගන්නා ලදි..  දෘඩ බලයක් ලෙසින් භෞතික රණකාමී අරගල වලින් ලංකාව ඔවුන්ගේ අණසකට නතු කර ගත්තද බලය පිහිටුවා ගැනීමෙන් අනතුරුව සුදු අධිරාජ්‍යවාදීන්  යාප්පුවෙන්  මෘදු බලය උපයෝගී කොට ගනිමින් ඇතැම් පාරිසරිකව අහිතකර දෑ ගොවීන් අතරට ගෙන එන ලදී. 1930දී ‍බ්‍රිතාන්‍යයන් විසින් ඉහළ අස්වනු ලබාදෙන මුවාවෙන් නව  අභිජනනය කරන ලද බීජ නොමිලේ ගොවීන් අතර බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ව්‍යාප්ත කරන ලදී. එහි ප්‍රතිවිපාකය වන්නේ අද වන විට අධික ලෙස රසායනික බෙහෙත් පොහොර සඳහා ඔරොත්තු දෙන්නා  දෙන්නා වූ  බීජ වර්ග බිහි වීමත් අප සතුව පැවැතුණු වටිනා  පාරම්පරික බීජ අභාවයට යාමත්ය. එමෙන්ම අද වන විට ගොවියන්  අතර ප්‍රචලිත කෘමිනාශක නාශක, වල් නාශක හා රසායනික පොහොර වර්ග   භාවිතයට හුරු වූ දේශීය ගොවීන්ට අද වන විට එයින් මිදී කාබනික ගොවිතැන ගැන සිතීමටවත් නොහැකි පමණ  පහත් මානසිකත්වයක පසුවේ. දේශීය කෘෂිකාර්මික ඉඩම් සතුව එදා ජීවත් වූ  හිතකර ක්ෂුද්‍ර  ජීවී කොටස්,හා පෝෂක  රසායනික බෙහෙත් පොහොර භාවිතය නිසා විනාශ වී ගොසිනි. කුඹුරු ඉඩම් ආශ්‍රිතව එම වගාවන් සඳහා පෝෂක සැපයීම සඳහා පැවතුණු මීක් ගස් බ්‍රිතාන්‍ය පාලන සමයේ දී කුඹුරු ආශ්‍රිතව පැවැති මෙම සෑම ගසක්ම  කපා දැමීමට පියවර ගත් බව සඳහන් වේ. 1940 අංක 12 දරණ මුඩුබිම් පණත ගෙන ඒම හරහා දේශීය ගොවියා සතුව පැවති අයිතිවාසිකම් කිව නොහැකි භූමි සියල්ලම ‍බ්‍රිතාන්‍යය රජයට පවරා ගැනීම ද දේශීය ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත් කිරීමට ගන්නා ලද එක්තරා ක්‍රියා මාර්ගයක් යැයි සඳහන් කළහොත් එය වැරදි නැත. 70% ක් ග්‍රාමීයව ජීවත්වන   ජනතාව කෘෂිකාර්මිකව ජීවත් වුවද ඔවුනට වගා කිරීමට ප්‍රමාණවත් ඉඩක් අද වන විට ඔවුන් සතුව නොමැත. අතිශයින්ම කෘෂිකාර්මික කලාප වන මහියංගනය  වැනි  ග්‍රාමීය ප්‍රදේශවල රිදීමාලියද්ද වැනි ලංකාවේ දිළිඳුතම ගම්මාන තවමත් ඉතිරිව ඇත්තේ එකී සාධක වල අතුරු ප්‍රතිපල නිසා වන බව වැටහේ.

 බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා  දෙන ලද වැවිලි බෝග වගාව ද දේශීය ජනයා පාරම්පරික  ධාන්‍ය බෝග හා රනිල බෝග වගාවන් වලින්  ඈත් කිරීමට සමත් කළ එක්  හේතු සාධකයක් යැයි හදුන්වා දිය හැකිය. දේශීය ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින්  වලින් 60%ක් පමණ විදේශීය රටවල් වලින් ආනයනය කිරීමට සිදුව ඇත්තේ එකී ක්‍රියාවන්හි අතුරු ප්‍රතිඵල ලෙසින්ය ..එපමණක්ද නොව අද වන විට දේශීය ගොවීන් ප්බල ලෙස මුහුණ දෙන්නාවූ පිළිකා රෝග, වකුගඩු රෝග වැනි මාරාන්තික සෞඛ්‍ය තර්ජන ඇති වීම සඳහාද මූල බීජයක් වන්නේ යටත්විජිතවාදීන් විසින් හඳුන්වාදෙන ලද නවීන  කෘෂි රසායනික  ද්‍රව්‍ය බව වේ. මෙම ක්ෂේත්‍රය හා පවතින ආර්ථික අර්බුදයන් දෙස බලන විටදී එම ගැටලු ඇතිවීම සඳහා මූලබීජය වන්නේ යටත් විජිතවාදයේ අතුරු ප්‍රතිඵල බව පුන පුනා කීමට අවශ්‍ය නොවේ.අද ගොවීන් රසායනික පොහොර යදිමින් හඬා වැටෙන්නේ ඔවුන්ගේ වරදින් නොව සුදු  අධිරාජ්‍යවාදීන් එදා අපට උරුම කර දුන් කෙටි කාලීන විකල් දිගුකාලීන ‍පුරතිවිපාකයන් නිසාවෙනි. විදේශිකයන්කයන් නොමිලේ දෙන සියල්ල හොඳ යැයි වැළඳ නොගෙන යහපත් අයහපත් දෑ තෝරාගැන බුද්ධිමත් ලාංකිකයින් වන අපගේ වගකීමයි.

 

 

 

 

ඒ.එම්.ශෂිණි සුදේශිකා අත්තනායක .

විශේෂවේදී දෙවන වසර.












Comments

Post a Comment

Popular posts from this blog