ගොටුකොළ වල විශ්මිත ගුණ ...
Centella asiatica යන උද්භිද විද්‍යාත්මක නමින් හදුන්වනු ලබන ගොටුකොළ ශාකය තෙතමනය සහිත ස්ථාන වල බහුලව දැකිය හැකි භූගත කදක් සහිත පැලෑටියකි.මැඩගස්කරය,ශ්‍රී ලංකාව,ඉන්දුනීසියාව හා දකුණු අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල දැකිය හැක. ශ්‍රී ලංකාවේ ඉතාමත් සරුවට වැවෙනු ඇත.ගොටුකොළ ග්‍රෑම් 100ක් තුළ අඩංගු පෝෂණ ගුණය මෙන්න.
ශක්තිය කිලෝ කැලරි 3.7
ප්‍රෝටීන් ග්‍රෑම් 2.1
මේදය ග්‍රෑම් 0.5
පිෂ්ඨය ග්‍රෑම් 6.0
කැල්සියම් මිලිග්‍රෑම් 224
පොස්පරස් මිලිග්‍රෑම් 32
යකඩ මිලිග්‍රෑම් 68.8
විටමින් C මිලිග්‍රෑම් 6.8
ගොටුකොල ආහාරයට එක් කර ගැනීමෙන්
• තරුණ බව රැක දෙයි.
• කටහඩ මිහිරි කරයි.
• සමේ කොලජන වර්ධනය හොදින් සිදු කරයි.
• සම පැහැපත් කරයි.
• හිස කෙස් නිරෝගී කරයි.
• ඇසේ පෙනීම වර්ධනය කරයි.
• ගොටුකොල ආහාරයට ගැනීම මොලය වර්ධනයට හේතු වේ.
• ගැස්ට්‍රයිටිස් සුව කිරීමේ හැකියාව සහිතය.
• අක්මාව ආරක්ෂා කරයි.
• පිළිකා මර්දධනය කරයි.
• ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.
• හදවත රැකදෙයි.
• ප්‍රතිදාහ ගුණ සහිතය.
• ප්‍රතිශක්තිය ඉහල නංවයි.
• LDL කොලස්ටරෝල්,Triglyceride අඩු කරයි.
• තුවාල සුව වීම වේගවත් කරයි.
• දියවැඩියා රෝගීන්ට ගුණදායකය.
• වකුගඩු ආරක්ෂා කරයි.
• ක්ෂය රෝගීන්ට ඔසුවකි.
• ස්නායු පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට උපකාරීවේ.
• පීනස රෝග සුව කරයි.
• පාද වල වෙරිකොස් රෝගයට ගුණදායකයි

Comments
Post a Comment