දිනෙන් දින අභාවයට යන ලංකාවේ පරිසර පද්ධතිය
දෙව් ලොවද මවු බිමට දෙවැනි කොට සිතන්නමු
දෙව් ලොවේ නැති අසිරි මවු බිමේ දකින්නමු
පරිසරය රකින්නෙමු වඩන්නෙමු වවන්නමු
මේ පිළිනයෙන් සදා මවු බිමට බැඳෙන්නමු
වලා සිඹැ ගලා යන නදී දිය නිරතුරු ය
වන උයන් මල් උයන් පල උයන් විසිතුරු ය
සිසිලසින් පණ පොවන මද පවන පිවිතුරු ය
පරිසරය රැකෙන තුරු සොබාදම සුමිතුරු ය
තණ්හාව ආශාව ඇයි ද පොදි බඳින්නේ
රටේ වන සම්පතට ඇයි පොරව නගන්නේ
සොබා දම කිපුණු දා සත් වග මැ නසින්නේ
පරිසරය රකින්නේ මුළු රට මැ රකින්නේ
මෙ මිහි මතැ වසන සත සිතෙහි මෙත වැඩේ වා
ගහ කොළට පවා එම මෙත් සිසිල දැනේ වා
බව භෝග සම්පතින් සතට සෙත සැදේ වා
අපේ හුස්මෙන් පවා පරිසරය නිවේවා
පරිසර ගීතය
සිතන්නට යමක්.........
දෙව් ලොවද මවුබිමට දෙවැනි කොට සිතිය හැකිද දෙව්ලොව නැති අසිරි මව්බිමේ දැකිය හැකිද
පරිසර ගීතයේ සඳහන් පරිදි ශ්‍රී ලංකාදීපය දෙව්ලොවටත් දෙවැනි නොවූයේ මෙහි පවත්නා සොබාව සෞන්දර්ය නිසා බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. නමුත් අද වන විට දිනෙන් දින මේ ස්වභාව ධර්මය අපගෙන් ඈතට යනු දැකිය හැකිය. ශ්‍රී ලංකාවට සෑම වසරක් පාසාම එල්ල වන ජීවිත තර්ජන බොහෝමයකට හේතු සාධක වී ඇත්තේ සොබාධර්මය අපගෙන් ඈත් වී යාමම නොවේද??? 2019 වර්ෂයේ ලාංකිකයන්ට සිදුවූයේ මුහුණ ශරීරය ආවරණය නොවන ලෙස ගමන් යාමටය 2020 වන විට අපට සිදුව ඇත්තේ නැවත මුහුණු ආවරණයක් පැළඳගෙන යාමටය . මන්ද ලෝකය හමුවේ පවතින කොරෝනා වසංගතයේ නිසාය. 2021 වන විට මේ තත්ත්වය කුමක්වේද යන්න ඔබට මට සිතාගතවත් නොහැකිය. මේ සියල්ල ස්වභාවධර්මය විනාශ කිරීමේ අනිසි ප්‍රතිඵලය. වර්තමානය වන විට දිනෙන් දින විනාශ වෙමින් යන ලෝක පරිසර උරුමයක් වන අපගේ සිංහරාජයත් පාරම්පරික කැලෑ එළිපෙහෙළි කරමින් බහුජාතිකජාතික සමාගම් ස්ථාපිත කිරීමට මාන බලන රඹකැන්ඔය රක්ෂිතයත් වර්තමානය වන විට අපගෙන් ඈත්ව යන ඉතාම වටිනා පරිසර පද්ධතීන්ය. මෙලෙස දිනෙන් දින පරිසරය විනාශ කිරීමේ ප්‍රතිඵල ලෙස අනාගතයේදී මිනිසුන්ට අදටත් වඩා දරුණු වසංගතයන්ට මුහුණදීමට සිදුවනු නොඅනුමානය එදාට අපට දුවන්නේ සිදුවන්නේ මුළු ශරීරයම පොලිතින් ආවරණයකින් වෙලා ගන්නටය . දිනෙන් දින අභාවයට යන පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම්ට අප කටයුතු කරන්නේනම් නිදහසේ හුස්ම පොදක් හෝ ගැනීමට මතු දින අපට හැකි වේවි
ශෂිණි සුදේශිකා අත්තනායක.
කැළණිය විශ්ව විද්‍යාලය.
දෙවන වසර

Good 👍👍
ReplyDelete👍
ReplyDelete👍👍
ReplyDelete