මිලියන ගණන් රතු රෝස, චොකලට් විකිණෙන සුප්‍රසිද්ධ වැලන්ටයින් දිනය ගැන ඔබ දන්නවාද?
ආදරේ ගැන කතා කරනකොට, පෙබරවාරි 14 කියන දිනය ගැනත් අමතක නොකර බැහැ. සමහර කට්ටියකගෙන් නොසෑහෙන්න බැණුම් අහන, තවත් කට්ටියක් රෝස මල්, චොකලට්වලින් සමරන දිනයක් තමයි මේක. හැම කෙනෙක් ම සමරන්න දිනයක් තියෙන එකේ, ‘ආදරවන්තයන් සමරන්නත් දිනයක් තිබුණ ම මොකෝ’ කියලා අහන අයත් ඔය අතරේ ඉන්නවා.
ඒත් හැබෑවට ම වැලන්ටයින් දිනය කියන්නේ මොකද්ද? අපි අද කතා කරන්නේ ඒ ගැන.
මොකද්ද මේ වැලන්ටයින් දිනය?💓💓
වැලන්ටයින් දිනය කියන එක බිහිවෙන්නේ ශාන්ත වැලන්ටයින් කියන චරිතයත් එක්ක. හැබැයි, ක්‍රිස්තියානි සහ රෝමානු කතෝලික ආගම්වල ඉතිහාස පොත්වලට අනූව ශාන්ත වැලන්ටයින්, එහෙමත් නැත්තන් වැලන්ටිනස් කියන පුද්ගලයා ගැන කියවෙන කතන්දර කීපයක් ම තියෙනවා. ඔය අතරින් වැඩියෙන් ම ප්‍රසිද්ධ 3 වෙනි ශතවර්ෂයේ රෝමයේ ඉඳපු පූජකවරයාගේ කතාවයි.
ඒ කාලේ රෝම අධිරාජ්‍යයෙක් වුණු දෙවැනි ක්ලෝඩියස්, තමන්ගේ හමුදාවේ උන්නු සෙබළුන් අවිවාහකව සිටිය යුතුයි කියලා නීතියක් පනවලා තියෙනවා. මේකට හේතුව විවාහක සෙබළුන්ට වඩා, අවිවාහක සෙබළුන්ගේ ක්‍රියාශීලී බව ඉහළයි කියන විශ්වාසය ඔහුට තිබුණු නිසා. ඉතින් මේ කාරණාවේ අසාධාරණ බව දැකපු ශාන්ත වැලන්ටයින් නම් පූජකවරයෙක් ඒ අණ නොතකා, රහසේ ම සෙබළුන් ව විවාහ කරවන්න කටයුතු කරලා තියෙනවා. මේ කතාව ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ කණට වැටෙන්න වැඩි කලක් ගියේ නැහැ. අධිරාජ්‍යයාගේ අණට පිටුපෑම කියන වැරැද්ද නිසා, වැලන්ටයින් පූජකවරයාට මරණීය දණ්ඩනය නියම වුණා.
රෝමානු සිරගෙවල්වලින් ක්‍රිස්තියානුවන්ට පැනලා යන්න උදව් කරපු වැලන්ටයින් නම් තවත් පූජකවරයෙක් ගැන කතාවකුත් ඉතිහාස කතාවල සඳහන් වෙනවා. ඒ වගේ ම, රෝමානු සිරකරුවෙක් විදියට කල් ගත කරපු තවත් වැලන්ටයින් නම් පූජකවරයෙක්, තමන් ඉඳපු ඒ සිර ගෙදර ජේලර්වරයාගේ දියණිය එක්ක ආදරයෙන් බැඳුණා කියලා කතාවකුත් අපට අහන්න ලැබෙනවා. අදටත් ව්‍යවහාරයේ තියෙන “From your Valentine” කියන පද පෙළ අපේ කතා බහට එක් වුණේ, මේ පූජකවරයා තමන් ව මරා දමන්නට කලින් දවසේ අර තරුණියට දුන්නු පෙම් හසුනක් නිසාලු.
කොහොමින් කොහොමහරි, වැලන්ටයින් දිනයට වැලන්ටයින් කියලා කෙනෙක්ගේ සම්බන්ධතාවයක් තියෙන වග නම් සක් සුදක් සේ පැහැදිලියි. ඒ පුද්ගලයා අනිත් අය වෙනුවෙන් කරුණාවක්, ආදරයක් දක්වපු බවත් දැකගන්න පුළුවන්. ශාන්ත වැලන්ටයින්ගේ ලෙසට සැලකෙන හිස් කබලක් අදටත් ඉතාලියේ රෝම නුවර පල්ලියක ප්‍රදර්ශනයට තියලා තියෙනවා.





නියමයි 👍
ReplyDelete🤭
ReplyDelete👍👍
ReplyDeleteGreat
ReplyDeleteNice article....❤️❤️❤️
ReplyDeleteGreat work
ReplyDelete❤👍
ReplyDeleteNiymi
ReplyDelete🌼🌼🌼
ReplyDelete💛🥂
ReplyDelete