සැබෑ නිදහස් දිනය.....

මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබරවාරි 4 දා නොවේ. මන්ද පළමුව 48 පෙබරවාරි 4 දා අපගේ මව්බිමට හා සිංහල ජාතියට පූර්ණ නිදහස නොලැබුණු නිසාය.
 දෙවනුව අර්ධ වශයෙන්හෝ මේ රටට කිසියම් දේශපාලන නිදහසක් ලැබුණේ 1972 මැයි මස ජනරජයක් වශයෙන් ප‍්‍රකාශ කළ දා බැවිනි.
 
 1972 සිට 1977 දක්වා පුරා පස් වසරක්ම රටේ නිදහස් දිනය සැමරුම් උත්සවය පැවැත්වූයේ ද මැයි මස 22 වැනි දිනය. එබැවින් මේ රටේ නිදහස් දිනය වශයෙන් ප‍්‍රකාශකොට සැමරිය යුත්තේ ජනරජයක් වශයෙන් ප‍්‍රකාශ කළ මැයි මස 22 දා මිස
 ජෙනිංග්ස්ගේ බිරිඳගේ උපන් දිනය සිහිකිරීම සඳහා සුද්දා විසින් අපේ මෝඩ බටහිර ගැති කළු සුද්දන්ගේ හිස මත පටවා ගිය පෙබරවාරි 4 වැනි දින නොවන නිසාය. පෙබරවාරි 4 වැනි දින නිදහස් දිනය සැමරීමෙන් බි‍්‍රතාන්‍ය යටත් විජිත ගැතිභාවය තවදුරටත් අප පිළිගන්නා බව යළිත් තහවුරු වෙයි. එබැවින් දැන්වත් මේ පරගැති මානසිකත්වයෙන් මිදී දේශපේ‍්‍රමී චින්තනයට ගැළපෙන පරිදි මැයි මස 22 වැනි දිනය නම් ජනරජ දිනය වඩා උචිත බව මගේ අදහසයි.   



   

 ශෂිණි සුදේශිකා අත්තනායක 












 

Comments

  1. Super article nangii..❤️❤️❤️

    ReplyDelete
  2. වැදගත් ලිපියක් 👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog