මා හැදූ ගුරු මව්පියන්‍ හට උපහාරයක්ම වේවා !!!


                                





කර්කශ මහා පොළොවේ 
ඔබ වපුල බීජ ඇට... 
නිරුදක කතරෙහි
ඇවිද ගිය අප සැමට...
          ගිමන  හා පවස නිවීමට 
          මහා වෘක්ෂයක් විය...
          අප සැමගේ පිපාසය 
අප සැමගේ විඩා බව
නිවා සැනසූ ....
         විමුක්තියේ පහන් ටැඹ  
         ඔබයි ගුරු මෑණියනි
         ඔබයි  ගුරු පියාණෙනි.

                                                                     

   පබැදුම-ශෂිණි සුදේශිකා අත්තනායක. 

Comments

  1. තුටින් රන්තරු දිලෙයි සදවට
    තාරකා මල් පිපෙයි
    දිලෙයි කුමුදාකරය සේදී
    ආදරේ සුවද දී....
    ගුරුමව්නි පියතුමනි ආදර
    ඔබට නිරතුරු සතුට සැනසුම..
    නිවන තෙක් මග එලි සැදේවා

    ReplyDelete

Post a Comment